මාරවිල, දුන්කන්නාව ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන පසු මියගොස් ඇති බවයි.
දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 38ක් පමණ වන අයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවද පොලිසිය කියා සිටියා.
මියගය පුද්ගලයා අසල්වැසියෙකු සමග ඇති කර ගත් පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් එම අසල්වැසි පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අපරාධය සම්බන්ධයෙන් වයස අවුරුදු 43ක් පමන වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













