වැලිකඩ පොලිස් බලප්‍රදේශයේ අංගොඩ ප්‍රදේශයේදී පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අංගොඩ ප්‍රදේශයේදී සිදු වූ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.
වයස අවුරුදු 65ක් පමණ වූ අක්ගොන, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙලෙස මියගොස් තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරු අසල්වාසී පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු සහ මරණකාරිය යන දෙදෙනාම එකම ආයතනයක පිරිසිදු කිරීමේ රැකියාවක නිරත වෙමින් සිට තිබෙනවා.
ඇති වූ ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් මරණකාරියගේ නිවසේදී ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවද පොලිසිය කියා සිටියා.
මෘතදේහය මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.