ආදරවන්තයින්ගේ දිනය වන අද දින පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට සංසරණය වන ව්‍යාජ පුවත සම්බන්ධයෙන් රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ව්‍යාජ ලෙස සැකසූ අධ්‍යාපන අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් යටතේ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ යැයි හැගෙන ව්‍යාජ අත්සනකින් යුතුව ලිපියක් සකස් කර ඇති බවයි.
එම ලිපියට අනුව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ උපදෙස් මත අද දින දිවයිනේ සියලු පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බව දන්වා තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි.