රුපියල් ලක්ෂ 20කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වාලම්පුරියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ ජා-ඇළ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදු කරන ලද වැටලීමකදීයි.
වාලම්පුරිය විකිණීමට තැත් කළ සැකකරුද අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙක් බවයි පොලිසිය කියා සිටියේ.
වැඩිදුර විමර්ශන ජා-ඇල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.