අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට සම්බන්ධ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යාම නීතියෙන් තහනම් වන අතර අවුරුදු 14ට අඩු ළමුන් සඳහා දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කරන ලෙසද උපදෙස් දී ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.