බාලවයස්කාර දියණියක් සිය බිරිද කරගත් 33 හැවිරිදි තරුණයෙක් පොලිස් අත්අඩංගුවට ගත් බව හොරොවිපොතාන පොලිසිය පවසනවා.
මෙලෙස අත්අංඩගුවට ගෙන ඇත්තේ හොරොවිපොතාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙකි.
පසුගිය 07 වන දින හොරොව්පතාන පොලිස් ස්ථානය වෙත ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි උපකාරක දුරකතන අංක 1929 මගින් ඒ පිළිබඳ තොරතුරක් ලැබී තිබෙනවා.
මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13 යි මාස 09ක දියණියක් 33 හැවිරිදි තරුණයෙකු සිය බිරිද කරගනිමින් නිවසක ජීවත්වන බවට එම පණිවිඩයේ සඳහන්ව තිබෙනවා.
අනතුරුව මේ සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිස් ස්ථානය මගින් විමර්ශන කටයූතු ආරම්භ කළ අතර එහිදි වින්දිත දැරිය වන මැදවච්චිය ලිපිනයේ පදිංචි දැරියගෙන් ප්‍රකාශයක් සටහන් කිරිමේදී දැරිය දැනට මාස තුනකට පමණ පෙර මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙනවා.
ඔහූ සමග නිතර නිතර දුරකථනයෙන් කතා බස් කල බවත් දැනට සති 03 කට පමණ පෙර සැකකරු පැමිණෙන ලෙසට තමන්ට දුරකතන ඇමතුමක් ලබා දුන් පසුව සැකකරු සමග සැකකරුගේ නිවසට පැමිණ බවත් ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී අඹූසැමියන් ලෙස එක්වු බවට දියණිය ප්‍රකාශයක් ලබා දි ඇති බවද වාර්තා වනවා.
අනතුරුව හොරොවිපොතාන පොලිසිය විසින් මෙම තරුණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිතුමන් වෙත ද යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
තවද මෙම සිද්ධියට අදාළව මූල් අපරාධය සිදූ වී ඇත්තේ මැදවච්චිය පොලිස් වසමේ වන අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයූතු කර ගෙන යාම සදහා මැදවච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ සැකකරු එම ස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ හොරොවිපොතාන පොලිසිය සහ මැදවචිචිය පොලිසිය සිදු කරනු ලබනවා.