අවිධිමත් ලෙස කසළ බැහැර කරමින් ශ්රී පාදය වන්දනා කිරීමට සහභාගී වන වන්දනාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක බවයි පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසය සඳහන් කළේ.
මෙවර ශ්රී පාද වන්දනා සමය හෙට දිනයට යෙදෙන උදුවප්පුර පසලොස්වක පොහොය දිනයෙන් ආරම්භ වනවා.
එය ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයෙන් ශ්රී පාද වන්දනා සමය නිමාවට පත් වනවා.