අවමංගල්‍ය උත්සවයකදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී කාලයේදී සීගිරිය පොලිස් වසමේ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීමට පැමිණ සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ඔහු බරපතළ තුවාල ලබා කිඹිස්ස රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මියගොස් ඇත්තේ 55 හැවිරිදි හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.