මෙරට අලෙවිය තහනම් කරන ලද පලිබෝධනාශක පැකට් සහ දියර බෝතල් රැසක් සමගින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පොල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගම්පොල නගරය ආසන්නයේදී සිදු කරන ලද වැටලීමකදී මෙම නීති විරෝධී පලිබෝධනාශක තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී පලිබෝධනාශක පැකට් 67ක් සහ පලිබෝධනාශක දියර බෝතල් 20ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු ගම්පොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක් පමණ වන අයෙකු බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ පලිබෝධනාශක තොගය වැඩිදුර විමර්ශන සඳහා ගම්පොළ කෘෂිකර්ම උපදේශන කාර්යාලය වෙත භාරදී තිබෙනවා.