ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තෙවැනි අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුළු 03ක් ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගය ජයග්‍රහණය කිරීම සදහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 251ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් කඩුළු 07ක් දැවී ලකුණු 254ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 263ක් රැස් කළා. ඊට පිළිතුරු ඉනිම එංගලන්තය සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 237ක්.
අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේරලියාව සියලුදෙනා දැවී ලකුණු 224ක් රැස් කළ අතර, ඒ අනුවයි එංගලන්තයට ලකුණු 251ක ඉල්ලක්කයක් හිමි වුණේ.
උණුසුම් පුවත්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට














