නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් අද(01) දින සොයා ගත් බව නුවරඑළිය පොලිසියේ නිලධාරියෙක් කියා සිටියා.
ග්‍රෙගරි වැවේ බෝට්ටු කාර්ය මණ්ඩලය සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් පොලිසියට ලබාදුන් තොරතුරු අනුව නුවරඑළිය පොලිසිය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එක්ව එම සිරුර ගොඩගෙන තිබෙනවා.
ජලාශයේ තිබී සොයාගත් අලුත උපන් බිළිඳියගේ පෙකණි වැලේ කොටසක් තවමත් පවතින බවයි පොලිසිය කියා සිටියේ.
ගොඩගත් මළ සිරුර පශ්චාත් මරණය පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට භාරදීමට පියවර ගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේ.
නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්හන සිදු කරනු ලබනවා.













