ශ්‍රී ලංකා මහ බැකුව විසින් 2025.08.28 දින නිකුත් කරන ලද රුපියල් 2000 මුදල් නෝට්ටු ඇතැම් බැංකුවල මුදල් ස්වයංක්‍රීය තැන්පත් කිරීමේ යන්ත්‍රවලින් ප්‍රතික්ෂේප කිරීමෙන් හැටන් ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.
හැටන් ප්‍රදේශයේ ඇතැම් රාජ්‍ය යසහ පෞද්ගලික බැංකුවල ටේලර් යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමේදී රුපියල් 2000 නෝට්ටුව පැමිණෙන බවත් එම නව රුපියල් 2000 නෝට්ටුව තැන්පත් කිරීමට යන්ත්‍රයට ඇතුළත් කිරීමේදී එම යන්ත්‍රය එම නව රුපියල් 2000 ලබාගැනීම ප්‍රතික්ෂේප කරනු ලබනවා.
තවද ඇතැම් පෞද්ගලික මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කරන අවස්ථාවල මුදල් ගණනය කිරීමේ යන්ත්‍රවල පවා නව රුපියල් 2000 නෝට්ටුව ප්‍රතික්ෂේප කිරීම හමුවේ එම රුපියල් 2000 නෝට්ටු අයකැමි විසින් ගණනය කර භාර ගනු ලබනවා.
රුපියල් 2000 නව නෝට්ටුව ඇතැම් රාජ්‍ය සහ ඇතැම් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල මුදල් ලබාගැනීමේ සහ මුදල් බැහැර කිරීමේ යන්ත්‍රවල සහ මුදල් ගණනය කිරීමේ යන්ත්‍රවලට යාවත්කාලීන නොකිරීමෙන් මෙම තත්වයට උද්ගත වී ඇති බවයි රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින් කියා සිටින්නේ.













