නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් මහතා අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.
ඒ, මැතිවරණ කොමසාරිස් ජනරාල් ධූරයේ කටයුතු කළ සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ එම ධුරයෙන් සහ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමගයි.
රසික පිරීස් මහතා මීට පෙර අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන රසික පීරිස් මහතා 1998 වසරේ මාර්තු 2වනදා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත්වීම් ලබා තිබෙනවා .
එම වසරේම සැප්තැම්බර් 15වනදා මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ඒ මහතා සේවයට එක්ව තිබුනා .
එතැන් සිට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හා අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස එම දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අඛණ්ඩව අවුරුදු 27ක් සේවය කළ ජ්‍යෙෂ්ඨතම මාණ්ඩලික නිලධාරියෙක් ලෙස ඒ මහතා හැඳින්විය හැකියි.
හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නියමිත වයස සම්පූර්ණවීමෙන් අනතුරුව ඊයේ දිනයේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන තිබුණා .













