නව පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමේ සාකච්ඡා මාලාවක් පැවැත්වෙනවා.
ඒ අනුව නව පර්යේෂණ සහ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.
මෙරට පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රජය මේ වන විට වැදගත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා.
නව පර්යේෂණ හා සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසුරිය / ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් මෙන්ම දෙස් විදෙස් විශේෂඥයන් රැසකගේ සහාය ලැබී තිබෙනවා.
එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ ව්‍යවසායකයින් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සම්පත් දායකත්වය සපයනවා.