පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවි භූමියේ ආරක්ෂාව තර කරමින් තාවකාලිකව අත්හිටුවා තිබූ නඩු විභාග කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීමට ආරක්ෂක අංශ කටයුතු සලසමින් පවතිනවා.
නඩු කටයුතුවලට පෙනී සිටින පුද්ගලයින් පමණක් අධිකරණ භූමියේ රඳවා තබාගෙන පිටස්තර සියලු පුද්ගලයින් අධිකරණ භූමියෙන් ඉවත් කිරීමට ආරක්ෂක නිලධාරීන් කටයුතු සලසමින් පවතින බවටයි වාර්තා වන්නේ.
පොලිස්පති වරයා අධිකරණ භූමියට පැමිණ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු අතර නියෝජ්‍ය අමාත්‍යය සුනිල් වටගල මහතා පැමිණ අධිකරණ භූමියේ නිරීක්ෂණයකින් පසුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළා.
උසස් පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරය ,උන්ඩ හයක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඇගිලි සලකුණු ලබා ගැනීම සඳහා අදාළ පොලිස් කණ්ඩායම් අධිකරණය වෙත පැමිණියා.
පොලිස් නිල සුනඛයන්ද අධිකරණය වෙත කැඳවූ අතර සීසීටිවි දර්ශන පරීක්‍ෂා කිරීමේ විමර්ශන කටයුතු ඇතුළු සියලු විමර්ශන කටයුතුද සිදු කරමින් පවතිනවා.