පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා .
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි .
අලුත් අවුරුද්දෙන් අනතුරුව පැවැත්වෙන පලමු පක්ෂ නායක රැස්වීමද මෙය වනවා .
ඒ අනුව මෙම රැස්වීමට සහභාගීවන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවද සදහන් .
මේ අතර අලුත් අවුරුද්දෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය එළඹෙන 25 වනදා පැවැත්වෙනු ඇති .
එදිනට ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා .
ඒ අනුව අදාළ පනත මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන් .
කෙසේවෙතත් 20වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි .
උණුසුම් පුවත්
- මහනුවර බෝම්බ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- ග්‍රාම නිලධාරිනියට තග දැම්ම ප්‍රාදේශීය දේශපාලකයා අත්අඩංගුවට
- ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී
- හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට
- ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
- කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර ඡන්ද විමසීම 31 වනදා
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය ගමනාගමනය යළි විවෘත කෙරේ
- අම්බලන්ගොඩ වෙඩිල්ලට සම්බන්ධ හයක් අල්ලයි













