සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5,000ක් සහායකයින් ලෙස වනජීවි දෙපාර්තමේන්තුවට කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීම සදහායි.
වනජීවි දෙපාර්තමේන්තු නිලධාරින් සමග ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කියා සිටියේ ඔවුන්ගේ රාජකාරි කටයුතුවලට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද නොඅඩුව ලබා දීමට කටයුතු කරන බවයි.
එමෙන්ම කුමන තත්ත්වයක් යටතේ වුවද වනඅලින්ට සිදුවන හිරිහැර මගහරවා ගැනීම නිලධාරීන්ගේ වගකීමක් බවද අවධාරණය කර සිටියා.
ඒ වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීමට පියවර ගත යුතු බව ද සදහන් කළා.
ඒ අනුව ගම්මානවලට වනඅලි ඇතුළු වීම වැළැක්වීම සදහා යෝජිත කිලෝමීටර් 800 කින් යුත් ආරක්ෂක විදුලි වැට සහ අලි කොරිඩෝ 16 ඉදිකිරීම සදහා වන සැලසුම් කඩිනමින් සකසා ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.