අලි ඇතුන් වෙනුවෙන් පරිසර පද්ධති සුපෝෂණය කිරීමේ ක්‍රියාදාමය අද සිට 12 වනදා දක්වා පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා.
මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක වනවා.
සොබාදහමට ආදරය කරන සියලුම දෙනාට තබ්බෝව වැව් තාවුල්ලට පැමිණ මෙම ඒකාබද්ධ පාරිසරික ක්‍රියාන්විතය හා සම්බන්ධ වන ලෙසයි පරිසර අමාත්‍යංශය නිවේදනය කළේ.
මේ අතර ඔසු වවමු – රට නගමු ඔසු සවිය ජාතික වැඩසටහන හෙට පෙරවරු 8.00ට මීගොඩ ආයුර්වේද රෝහල් ඔසු උයනේදී ආරම්භ වෙනවා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඔසු සවිය ජාතික වැඩසටහන තුළින් ඔසු පැළ මිලියනයක් සිටුවීම සහ ඔසු කිලෝ ලක්ෂයක් එකතු කිරීමේ මෙහෙයුම සිදුවෙනවා.
රාජ්‍ය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කරනු ලබනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














