ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා කිහිපයක් සඳහා ”අලියා” ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී රැස්වීමේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.
මෙහිදී නව පත්වීම් කිහිපයක් සිදුකර ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහනගර සභා 04ක් සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ ”අලියා” ලකුණ යටතේ තරග කිරීමට යෝජනා වී තිබෙනවා.
එම යෝජනාවට බහුතරයකගේ එකඟතාව හිමිව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොළඹ, මහනුවර, ගාල්ල, සහ නුවරඑළිය යන මහනගර සභා සඳහා ”අලියා” ලකුණින් තරග කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.