අල්ලස් ලබා ගැනීමට තැත් කල බොරැල්ල දකුණ ග්‍රාම නිලධාරිවරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදි රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙසන් ලබා ගැනීමට තැත් කල මෙම ග්‍රාම නිලධාරිවරිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඡන්ද හිමි නාම ලේඛනයට පැමිණිලිකරුගේ හා ඔහුගේ බිරිඳගේ නම් ඇතුළත් කරදීම සඳහා එලෙස අල්ලස් ලෙස මුදලක් ලබාගත් බවටයි අනාවරණ වී ඇත්තේ.












