රුපියල් 15,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් ජාඇල පොලීසියේ පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කොමිසම සඳහන් කළේ , වසා තිබූ දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරුපැදියක් ධාවනය කිරීමේ වරදට අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමට සහ පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබා දීමට මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි.
ඒ අනුව ජාඇල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේදී පසුගිය 23 වනදා අදාළ පොලිස් සැරයන්වරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.