ත්‍රිකුණාමලය, කින්නියා පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රියදුරු බලපත්‍ර නොමැතිව යතුරුපැදියක් පැදවූ වයස අවුරුදු 17 ක තරුණයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමට රුපියල් 10,000ක අල්ලසක් වශයෙන් ඉල්ලා ඇති බවයි සදහන් වන්නේ.
ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව අල්ලස් කොමිසමට දැනුම්දීමෙන් පසු මෙම වැටලීම සිදුකර තිබෙනවා.
සැකකරු ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන මස 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි සදහන් වෙන්නේ