2022 වර්ෂයේ මැයි මස ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙක් හඳුනාගෙන ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.
එම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙහිදී දන්වා තිබෙනවා.
2022 වසරේ මැයි මස 9 වන දින ගාලු මුවදොර ගෝඨාගෝ ගම අරගලයට පහරදීම සිදු වූ අවස්ථාවේ එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළින් පොලිසිය ඇතුළු වග උත්තරකරවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.













