ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව අතර පැවති රැස්වීම සාර්ථකව නිම කරමින් මෙරට ආර්ථිකය පිළිබද ධනාත්මක ප්‍රතිඵල රැසක් අත්කරගැනීමට හැකිවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
මෙරට ආර්ථික වර්ධනයන් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රගතිය සහ බදු පරිපාලනය ශක්තිමත් කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී ඵලදායී ලෙස ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවූ බවයි ඔහු සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ.
එමෙන්ම මෙරට ජනාධිපතිවරයාගේ සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳවද ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.