මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් හමු වී සාකච්ඡාවල නිරත වී තිබෙනවා.
අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අතුරතුරදීය මෙම හමුව සිවදු ඇත්තේ.
පවතින ආර්ථික තත්ත්වයෙන් ඉදිරියට යෑම සඳහා ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ විශිෂ්ට ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රී ලංකා බලධාරීන්ට ප්‍රශංසා කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය එක්ස් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද













