මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගැනුණු බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින හතක රැඳවුම් නියෝගයක් ලබාගත් බව පොලිසිය පවසනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ(01)දිනයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙරටට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී අදාළ යාත්‍රාවේ හිමිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ගාල්ලේදී අත්අඩංගුවට ගැනුණා.
අදාළ බහුදින ධීවර යාත්‍රාව අද(02) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායට ගෙන එනු ලැබුවා.
එහිදී උර 16ක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 350කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් අතර එම තොගයේ වටිනාකම රුපියල් බිලියන පහකට ආසන්න බව සඳහන්.
අදාළ ධීවර යාත්‍රාවේ සිටියදී නාවික හමුදා බාරයට ගැනුණු සැකකරුවන් හය දෙනා සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.













