අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් මාදම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද(22) අළුයම මාදම්පිටිය, සත්හිරු සෙවණ මහල් නිවාසය අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි සැකකටයුතු පුද්ගයින් දෙදෙනෙක් මාදම්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර තිබෙනවා.
එහිදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය තිබී ත්‍රීරෝද රථයද සමගින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් අවුරුදු 24 හා 29 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.
එක් සැකකරුවෙක් සන්තකයේ තිබූ බෑගයක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 300ක්, විද්‍යුත් තරාදියක් හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකරන මුදල් රුපියල් 18,000ක් හා අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මාදම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













