හෙරොයින් සහ අයිස් මත්‍ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි අඹුසැමි යුවලක් ඊයේ රාත්‍රියේ ගිනිගත්හේන කලුගල පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කලුගල පොලිස් මාර්ග බාධයේ සිටින පොලිස් නිළධාරින් විසින් යතුරුපැදිය නතර කර පරික්ෂා කිරිමේදීයි.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 50ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්රෑම් 50 ක් භාරයට ගෙන තිබෙනවා.
දර්ගා නගරයේ පදිංචි මෙම යුවල වයස අවුරුදු 25 සහ 20 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
සැකකරු මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරම සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකින්ම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප මත සිටින පුද්ගලයෙකු බව වාර්තා වනවා.