ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටියෙන් කැඩී ගිය දැවැන්ත අයිස් ක=ට්ටියක් මඩ හා ගල් සමගින් කඩා වැටීම හේතුවෙන් ගම්මානයක් පොළවට වැළලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස අයිස් කුට්ටියක් කඩා වැටී යට වී ඇත්තේ ඇල්ප්ස් කඳු ආශ්‍රීතව පිහිටි බ්ලාට්ටෙන් නමැති ගම්මානයෙන් මාසයකට පමණ පෙර පදිංචිකරුවන් ආරක්ෂිත හේතූන් මත ඉවත් කර තිබෙනවා.
අයිස් කුට්ටිය කඩා වැටීම හේතුවෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
මෙම අයිස් කුට්ටිය කඩා වැටීමෙන් ගම්මානයේ නිවාස සහ ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවත් ගම්මානයෙන් 90%ක් පමණ පොළොවට සමතලා වී ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
එරට පොලිසිය පවසන ආකාරයට අයිස් කුට්ටිය කඩා වැටීමෙන් 64 හැවිරිදි පුද්ගලයෙකුයි අතුරුදන්ව ඇත්තේ.
අදාළ පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුම්ද ක්‍රියාත්මකයි.