පමුණුගම, සේදවත්ත ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ සේදවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පමුණුගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
කඹුරුගමුව, තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් පමණ වන පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරුගේ හා ඔහුගේ සහෝදරයාගේ පවුල් අතර කලක සිට තිබූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කරකර ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවද පොලිසිය කියා සිටියා.
මෘත දේහය පමුණුගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වයස අවුරුදු 42ක් වන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













