අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 03ක පුද්ගලයින් 500කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ .
අයහපත් කාලගුණයෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති අතර මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව එම මධ්‍යස්ථානය පැවසුවා.
යම් ආපාදා අවස්ථාවකදී 117 යන දුරකථන අංකය ඔස්සේ ආපාදා කලමානාකරන මාධ්‍යස්තානය හා සම්බන්ධ විය හැකි බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කලේ .