කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා, සහ දිවයින වටා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව සඳහා සැලකිලිමත් වන ලෙසට එම නිවේදනයේ දක්වා තිබුණා.
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවයි එම නිවේදනය මගින් දැනුම් දෙන්නේ.
එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද දිනයේ පමණ වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි.
ඉන්පසු එළඹෙන පැය 48 තුලදී එම පද්ධතිය තවදුරටත් සුළි කුනාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව යි එම දෙපාර්තුමේන්තුව අවධාරණය කරන්නේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල













