දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක ජනජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අදාළව නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.
කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අදාළයි ජාතික ගොඩනැගිලි සංවිධානය මෙම නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කළේ.