අයහපත් කාලගුණයෙන් සිදුවූ ආපදා හේතුවෙන් මෙරට රැකියා නියුක්තිකයන් තුන් ලක්ෂ 74,000කට පමණ සිය ජීවනෝපාය අහිමි වී හෝ දැඩි බලපෑමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසනවා.
බලපෑමට ලක්වූ රැකියා නියුක්තිකයන්ට නැවත රැකියා අවස්ථා නොලැබුණහොත් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 48කට අධික ආදායමක් රටට අහිමි වීමේ අවදානමක් පවතින බවයි එම සංවිධානය සඳහන් කලේ
මෙම ව්‍යසනය හේතුවෙන් රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16ක් පමණ අවදානමට ලක්ව ඇති බව එම සංවිධානය අනාවරණය කරගෙන තිබෙනවා.













