ගාසා තීරයට බලපා ඇති අධික වර්ෂාව සහ ශීත කුණාටු තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත වැටී ඇති බව ජගත් සංවිධානය පවසනවා.
රාත්‍රී කාලයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් තාවකාලික කුඩාරම් රැසකට ද බලපෑම් එල්ලවී තිබෙනවා.
කුඩාරම්වල සහ තාවකාලික නවාතැන්වල ජීවත් වන දරුවන් රෝගාබාධවලට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම අයහපත් කාලගුණය හමුවේ ගොඩනැගිලි කඩාවැටීමෙන් කුඩා දරුවෙකු ඇතුලු 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
එමෙන්ම පවුල් 55,000 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිනවා.
ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කුඩාරම්, බ්ලැන්කට් සහ සෙසු අත්‍යවශ්‍ය සැපයුම් ලබා දීමට සූදානම් කර ඇති නමුත් ඊශ්‍රායලය, ප්‍රවේශ මාර්ග අවහිර කිරීම හේතුවෙන් ගාසා තීරයට ඇතුලු වීමට නොහැකිව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.













