අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපෑම් එල්ල වී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ මේ වනවිට කොළඹ මාර්ග කිහිපයක ගස් කඩාවැටීම් සහ ජලයෙන් යටවීම් වාර්තා වන බවයි.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ද පොලීසිය මහජනතාවට දැනුම් දෙන්නේ.
මේ වනවිට අවහිර වී තිබෙන මාර්ග පහතින්,
ප්‍රේමසිරි කේමදාස මාවතේ ලයනල් රඟහල ආසන්නයේ සහ කැප්පෙටිපොළ මාවතේ
ජාතික රෝහල 4 වන දොරටුව ආසන්නයේ
ඇල්විටිගල මාවත
රැජින පාර හන්දිය
කොටහේන ආමර් බාබර් හන්දිය පන්සල අසල










