ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති අතර නිවාස 600කට පමණ හානි සිදුව තිබෙනවා.
අක්කර දෙදහසකට ආසන්න වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
එමෙන්ම ගොවිපලවල සිටි සතුන් 200 කට අධික සංඛ්‍යාවක් ගංවතුරට හසුව ඇති බව ද සදහන්.