මෙම වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
අද සිට ලබන 25 වන දා දක්වා දින 7 ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර 25 වන දා පස්වරු 6 ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව සෑම දිනකම පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා අයවැය විවාදය පැවැත්වෙනු ඇති.