අයවැය 2026 දෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 118කින් සම්මත වූවා.
එහිදී අයවැයට පක්ෂය ඡන්ද 160ක් සහ විපක්ෂව ඡන්ද 42ක් හිමි වූවා.
අට දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීම කැපීපෙනෙන ලක්ෂණයක් වුණා.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට(15) සිට දින 17ක් පැවැත්වීමට නියමිතයි.
අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි.













