අයර්ලන්තය සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ද ජය ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව මෙම තරගයෙන් සංචාරක අයර්ලන්තය පරදා ලකුණු 217 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමටයි බංග්ලාදේශයට හැකි වුනේ.
මෙහිදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පලමු ඉණිමට සදහා ලකුණු 476 ක් ලබාගත්තා.
බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 106 ක් සහ ලිටන් දාස් ලකුණු 128 ක් බැගින් රැස් කරනු ලැබුවා.
පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් ඇන්ඩි මැක්බ්‍රයින් දවාගත් කඩුලු සංඛ්‍යාව 6 ක්.
කෙසේ වෙතත් අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 265කට සීමා වුණා.
පන්දු යැවීමේදී ටයිජුල් ඉස්ලාම් කඩුලු 4ක් දවා ගනු ලැබුවා.
ඒ අනුව බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ ලකුණු 211 ක් ඉදිරියෙන් සිටිමින්.
දෙවනි ඉනිම වෙනුවෙන් බංග්ලාදේශය කඩුලු 4 ට ලකුණු 297 ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවීමටයි පියවර ගනු ලැබුවේ.
ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 508 ක දැවැන්ත අභියෝගයක් බංග්ලාදේශ කණ්ඩායම විසින් ලබාදුන්නා.
තරගයේ පස්වන දිනයේ දෙවන සැසිය අතරතුරදී අයර්ලන්ත කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 291 ට දවාගැනීමට බංග්ලාදේශ පන්දුයවන්නන් සමත් වුණා.
මෙම තරගයේ වීරයා ලෙස මුෂ්ෆිකර් රහීම් නම් වූ අතර තරගාවලියේ වීරයා ලෙස ටයිජුල් ඉස්ලාම් සම්මාන හිමි කර ගත්තා.
උණුසුම් පුවත්
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි
- අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
- දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අඹේවෙල ස්ටේෂම පිරෙයි
- පුත්තලම් යන්න ගිය ලොරිය අඩි 40ක් පල්ලමට යයි













