යෝජිත වෙළඳ ගිවිසුමක් සඳහා එක්සත් ජනපදය සමඟ ඉන්දියාව තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා ඉන්දියානු වාණිජ අමාත්‍යාංශ කණ්ඩායමක් ළඟදීම වොෂින්ටනයට යාමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ
ඒ අනුව එම සංචාරයේදී ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමේ (BTA) අන්තර්කාලීන සහ පළමු අදියර පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
සංචාරයේ දිනයන් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.
කෙසේවෙතත් එම කණ්ඩායම ලබන සතියේ වොෂින්ටනයට පැමිණීමට අපේක්ෂා කරන බවයි සදහන් වන්නේ.