අමෙරිකාව සමග ඛනිජ ගිවිසුම අත්සන් කිරීමට තමා තවමත් සූදානම් බව යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි පවසනවා.
පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි අතර ගැටුම්කාරී හමුවක් පැවැත්වුණා.
නමුත් ඇමරිකාව සමග ඵලදායී සංවාදයක් පැවැත්වීමට තමන් තවමත් කැමැත්තෙන් සිටින බවයි බටහිර ලන්ඩනයේ නායකයින් සමග පැවති සමුළුවකින් අනතුරුව ඔහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
ගිය සිකුරාදා ට්‍රම්ප් සමග පැවති හමුවේ දී උණුසුම් තත්ත්වයක් ඇතිවීමෙන් පසුව අපේක්ෂිත ද්වීපාර්ශ්වික ගිවිසුම අවලංගු කෙරුණා.