අමෙරිකාවේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන කිසියම් විදේශිකයෙක්ට, ඩොලර් මිලියන 5ක මුදලකට ස්ථිර පදිංචිය අලෙවි කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත්තේ.
මෙම ක්‍රමවේදය ගෝල්ඩ් කාඩ් ලෙස නම් කර තිබෙන අතර මේ වනවිට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිත කෙරෙන ග්‍රීන් කාඩ් හා සමාන ප්‍රතිලාභ ගෝල්ඩ් කාඩ් ලබා ගන්නා පුද්ගලයින්ට ද හිමිවන බවයි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ