අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් සහ පලස්තීන සරණාගතයින්ට ආධාර සපයන ඒජන්සියෙන් ඉවත් කරගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.
ඒ ඊට අදාළ විධායක නියෝග වලට අත්සන් තබමින්.
පසුගිය ජනවාරි මාසයේදී ධුරයට පත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙවුණු සති කිහිපයක තුළ විවාදාත්මක තීරණ රැසක් ගැනීමට කටයුතු කළා.
අමෙරිකාව පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත් විම, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම ඒ අතරින් ප්‍රමුඛ කාරණා වනවා.
මෙවන් පසුබිමක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් කරගැනීමට ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
සිය ප්‍රථම ධුරකාලයේදී එනම් 2018 වසරේ ජුනි මාසයේදීත්, අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්කරගැනීමට ට්‍රම්ප් පියවර ගත්තා.
ඒ එම සංවිධානය මඟින් නුසුදුසු ජාතීන්ට රැකවරණය ලබාදෙන බව සහ ඊශ්‍රායලය කෙරෙහි නොනවතින පසමිතුරුකම් පෙන්වන බවට චෝදනා කරමින්.
කෙසේ වෙතත් නැවත එහි නිරීක්ෂකයෙක් ලෙස අමෙරිකාව 2021 වසරේදී එක්වුණේ එවක ජනාධිපති ජෝ බයිඩන්ගේ විධාන යටතේයි.