අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී ගිනිගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
අදාළ ගුවන් යානය ගුවන්ගත වීමේදී අනතුරට පත්වී ඇති බව වාර්තා වන්නේ.
මෙම අනතුර හේතුවෙන් ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.











