රුසියාව කිසිවිටෙකත් අමෙරිකාවේ පීඩනයට යටත් නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.
ඔහු මේ බව පවසා තිබුනේ රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකකට එරෙහිව ඇමරිකාව සම්බාධක පැනවීමෙන් අනතුරුවයි.
යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ සමුළුවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා අවලංගු කර තිබුණා.
එම සාකච්ජා අත්හිටුවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් රුසියාවේ රොස්නෙෆ්ට් සහ ලුක් ඔයිල් සමාගම් වෙනුවෙන් සම්බාධක පනවන ලැබුවා.
අදාළ තීරණය මගින් මොස්කව් වෙත යම් ආර්ථික වේදනාවක් ඇතිකරන නමුත් රුසියාව කිසි විටෙක් අමෙරිකාවේ රූකඩයක් නොවන බවයි ජනාධිපති පුටින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ.
මේ අතර අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව සමඟ පැවති සියලුම වෙළෙඳ සාකච්ඡා අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති ට්‍රම්ප්මෙම තීරණය ගෙන ඇත්තේ තීරුබදුවලට එරෙහිව කැනඩාව විසින් දියත් කරන ලද වෙළඳ ප්‍රචාරක ව්‍යාපාරයකදී හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ප්‍රකාශයක් වැරදි ලෙස උපුටා දැක්වූ බවට චෝදනා කරමින් .
කැනඩාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින ජනාධිපති ට්‍රම්ප්, මෙම ක්‍රියාව ‘වෙළඳ සබඳතා කෙරෙහි එල්ල කරන ලද බරපතල අගෞරවයක්’ ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
මෙම තීරණය ගැන කැනඩාව ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව ලොව අවධානය යොමුවී තිබෙන අතර කැනඩා රජය තවමත් මෙම චෝදනාවලට නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නැහැ.













