2026 වසරේ සිට අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික වෙසක් උළෙලක් පැවැත්වීමට ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුවේ අනුමැතිය ලැබී තිබෙනවා.
ටෙක්සාස් බෞද්ධ සංගමයේ ලේකම් සහ ගෝතම බුද්ධ විහාරයේ විහාරාධිපති ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති නාහිමියන් මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඒ අනුව සෑම වසරකම මැයි මස 15 වැනි දා ජාතික වෙසක් දිනය ලෙස නම් කිරීමට අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුව කටයුතු කර ඇති බවද විමලකිත්ති නාහිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ දූත කණ්ඩායමක් ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.