අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මැලේසියාවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවූ බවයි.
ඉන්දියානු අපනයන සඳහා වොෂින්ටනයේ දැඩි තීරුබදු හේතුවෙන් පීඩාවට පත් වූ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට ඉන්දියාව සහ එක්සත් ජනපදය කටයුතු කරන අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ක්වාලාලම්පූර්හිදී මෙලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ හමු වීම විශේෂත්වයක්.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ හමුව අගය කරන බවයි.
එමෙන්ම දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සම්බධයෙන් එහිදී අදහස් හුවමාරු කර ගත් බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ, කලාපීය හා ගෝලීය ගැටළු පිළිබඳව ද එහි දී සාකච්ඡාව කළ බවයි.





 


 







 
								