කටාර් රාජ්‍යයේ සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය මැදපෙරදිග රටවල් කිහිපයක් හෙළා දැක තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සවුදි අරාබිය, කටාර්, ඊජිප්තුව, ඉරාකය සහ ජෝර්දානය යන රටවල් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවයි. කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඉරානය විසින් ඊයේ මිසයිල ප්‍රහාර එල්ල කළා. කටාර්හි පිහිටි අල් උදෙයිඩ් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරය සාර්ථකව ව්‍යාර්ථ කළ බව කටාර් රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණා. ඉරානය විසින් මිසයිල ප්‍රහාර 12 ක් අදාළ කඳවුර වෙත එල්ල කර ඇති අතර ඉන් 11 ක්ම විනාශ කිරීමට හැකි වූ බවයි ඔවුන් පෙන්වා දෙනවා. අදාළ ප්‍රහාරය සිය රාජ්‍යයේ ස්වෛරීභාවය, ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝණය කිරීමක් බව කටාර් රජය පෙන්වා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














