සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.
මහජන සෞඛ්‍යපරික්ෂකවරුන්ගේ හා ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා.
මෙම සාකච්ඡාවේදී මහජන සෞඛ්‍ය පරික්ෂක තනතුරු පිරවීම, රාජකාරී වේලාව සංශෝධනය කිරීම සහ මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලා කඩිනම් කිරීම ඇතුළු කරුණු පිළිබඳවයි අවධානය යොමු කෙරුණේ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනය කිරීම පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමටද මෙහිදී තීරණය කර තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ සහ ආයතන එක්ව විශේෂ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කර විසදුම් ලබාගැනීමටයි මෙහිදී අවධානය යොමු වුණේ.
ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලු විසදීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවීමටත් අමාත්‍යවරයා මෙහිදී කටයුතු කර තිබුනා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙන් විශේෂ නිවේදනයක්
- අතුරුදන් වූ පුද්ගලයනගේ මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට පියවර
- මෙරට සමස්ත භූමියෙන් සියයට 30%ක් නායයාමේ අවධානමක පවතින බවට අණාවරණයක්
- පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට
- ආපදාවෙන් බිඳ වැටුණු ප්‍රජා ජල ව්‍යාපෘති 320 ක් යතා තත්ත්වයට
- ආපදාවෙන් පසු බස්නාහිර පළාත තුළ කසල මෙටි්රක් ටොන් 40,000 ක් ගොඩගැසේ
- ආපදාවෙන් හානියට පත් පාසල් ගොඩනැංවීමට ප්‍රතිෂ්ඨා නමින් නව වැඩපිළිවෙලක්
- 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී













