සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.
මහජන සෞඛ්‍යපරික්ෂකවරුන්ගේ හා ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා.
මෙම සාකච්ඡාවේදී මහජන සෞඛ්‍ය පරික්ෂක තනතුරු පිරවීම, රාජකාරී වේලාව සංශෝධනය කිරීම සහ මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලා කඩිනම් කිරීම ඇතුළු කරුණු පිළිබඳවයි අවධානය යොමු කෙරුණේ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනය කිරීම පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමටද මෙහිදී තීරණය කර තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ සහ ආයතන එක්ව විශේෂ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කර විසදුම් ලබාගැනීමටයි මෙහිදී අවධානය යොමු වුණේ.
ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලු විසදීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවීමටත් අමාත්‍යවරයා මෙහිදී කටයුතු කර තිබුනා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














